Saturday, 23 May 2009

දිගු ගමන...

අප ගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දේශනයට අනුව;
යම් කාලයක් එනවා මේ අතිවිශාල මහ පොළව කැඩිලා බිඳිලා යන.
යම් කාලයක් එනවා මේ අතිවිශාල මහ සාගරය හිඳිලා යන.
යම් කාලයක් එනවා මහ විශාල මහමේරු පර්වතය පවා කැඩිලා විනාශ වෙලා යන.
නමුත්-
මේ අපේ සසර ගමනේ නම් නිමාවක් පේන්නවත් නැ
ඒ නිසා මැරි මැරි ඉපදි ඉපදි යන මේ සන්සාරයෙන් එතෙර වන්නට නම් අපි හැමතිස්සෙම පින් සිතුවිලි වලින් ඉඳ ගෙන හොඳ වැඩම කරන්න ඕනෙ.

Monday, 11 May 2009

පරලොවටත් එන හිතවතිය

උපමා කතාවක්:
එක මිනිසෙක් කාන්තාවක් විවාහ කර ගත්තා. ඇයට මුලින් හොඳින් සළකා ගෙන සිටි නමුත් ටික කලකින් දෙවෙනි කසාදයක්ද කර ගත්තා. ඊටත් ටික කළකට පස්සෙ තවත් ළඳක් විවාහ කරං ගෙදරට කැන්දං ආවා. ගැහැණු තුන්දෙනාම ගෙදර හිටියත් මේ මිනිසා හොඳින්ම ආදරෙන්ම සැළකීම් දැක්වූවෙ අර අන්තිමට ගෙනාපු තරුණ බිරිඳට යි. අනික් දෙන්නට කන්න බොන්න දුන්නත් ඔහෙ ඕනැවට එපාවට වගේ තමයි සැළකුවෙ.

කාළය ගෙවී ගියා. මේ මිනිසා දැන් මහළුයි. මරණයට බයයි.
ඉතින් මෙයා දවසක් කතා කළා ආදරෙන්ම සැළකූ තෙවැනි බිරියට. 'මම දැන් මරණාසන්නයි. පරලොව යන්න ළඟයි. අනේ මාත් එක්ක යන්න එන්න'
ගත් කටටම ඇය මෙහෙම කිව්ව - 'අපොයි මට නම් බෑ. කතා කරන්න එපා'.

ඉතින් දැන් මේ මිනිසා දෙවැනි බිරිය ළඟට ගියා. ගිහින් දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා - 'මම අරයට (තුන් වෙනි බිරිඳ ) කොපමණ හොඳින් ආදරයෙන් ද හිටියෙ...ඒත් එයා මාත් එක්ක පරලොව යන්න එන්න අකමැති උනා. අනේ ඔයාවත් එන්න මාත් එක්ක යන්න'.
ඒ පාර දෙවෙනි බිරිඳ මෙහෙම කිව්වා - 'එහෙනම් මම සොහොන ළඟට විතරක් එන්නම්කො.'

මේ පිළිතුරෙනුත් ඔහුට සෑහීමකට පත් වෙන්න බැරි උණා. අන්තිමට ඔහු ගියා ඉතාම අඩු සැළකිලි දැක්වූ, බොහෝ කාළයක පටන් අමතක කර දමා තිබු පළමු බිරිය වෙතට.

ගිහින් කළින් දෙන්නගෙන් ඇසූ ප්‍රශ්නයම ඇගෙන් ඇහුවා. අනේ ඇය එකවරම 'ආ මං එන්නම් ඔයත් එක්ක පරලොව යන්න' යැයි පැවසුව.

මේ කතාවෙ උපමා උපමේය මෙහෙමයි:
තුන්වෙනි බිරිඳ තමයි වතුපිටි ගේ දොර මිල මුදල්,
දෙවැනි බිරිඳ තමයි දූ දරු නෑ දෑ හිත මිතුරන්,
පළමු බිරිඳ තමයි තමන් කළ පින් පව්...ඒකයි එයා පරලොව යන්නත් එන්නෙ.

ඉන්නකං අපි සළකන්නෙ නැත්තෙත් අපි කරන පින් පව් මයි නේද? මරණින් පසු සොහොනට එන්නේ දූ දරු නෑ දෑ හිත මිතුරන්...